ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (05) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිතයි.

ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද සවස 02.00 සිට එම විහාර පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

Share This