ලොව වේගවත්ම මිනිසා ඔහුයි

ලොව වේගවත්ම මිනිසා ඔහුයි

ලොව වේගවත්ම මිනිසා බවට පත් වීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත් වී තිබෙනවා.

ඒ, මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනිමින්.

ඔහු තරග ඉසව්ව අවසන් කළේ තත්පර 9.784ක කාලයක් වාර්තා අරමින් වන අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ද වනවා.

කෙසේවෙතත් මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් තත්පර 9.789ක කාලයක් වාර්තා කළ අතර ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ තත්පර 0.005ක් ලෙසයි.

Share This