පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම පිළිතුරු

පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම පිළිතුරු

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන ගැටලුවලට 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක වනවා

ඒ අනුව මේ සඳහා ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල් වගා කිරිමේ මණ්ඩලය හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන රෝග තත්ත්වයන්, වගාව සාර්ථක කරගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදී සියලුම කරුණුවලට විසඳුම් ලබා දීම සඳහා මෙම ක්ෂණික දුරකථන අංකය සහ Coconut App නම් දුරකථන යෙදවුම භාවිත කළ හැකියි.

මෙම ක්ෂණික දුරකථන අංකය මඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිළිතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා

Share This