නේපාලයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි -5 දෙනෙකු මරුට-

නේපාලයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි -5 දෙනෙකු මරුට-

නේපාලයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

චීන ජාතික මගීන් සිව් දෙනෙකු සහ යානයේ නියමුවා අනතුරින් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිටි සියලු දෙනා මෙලෙස මියගොස් ඇති අතර කත්මණ්ඩු හි සිට සංචාරකයින් අතර ජනප්‍රිය කඳු නැගීමේ මාර්ග බොහොමයක ආරම්භක ස්ථානයක් වන Syabrubesi වෙත ගමන් කරමින් සිටියදී අදාළ අනතුර සිදුව තිබෙනවා.

මෙම යානය ගුවන්ගත වී මිනිත්තු තුනකට පමණ පසුව එහි සබඳතා බිඳ වැටී තිබෙනවා.

කත්මන්ඩු හිදී ගුවන් අනතුරකින් 18 දෙනෙකු මියයාමෙන් සති දෙකකට පසුව මෙම ගුවන් අනතුර සිදුවීම විශේෂත්වයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This