හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බවට පුතාගෙන් ප්‍රකාශයක්

හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බවට පුතාගෙන් ප්‍රකාශයක්

බංග්ලාදේශයේ නව භාරකාර රජය විසින් මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන විට ශෙයික් හසීනා යළිත් එරටට පැමිණෙනු ඇති බව ඇයගේ පුත්‍රයාවන සජීබ් වසේඩ් ජෝයි (Sajeeb Wazed Joy) ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දිනපතා පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් 76 හැවිරිදි හසීනා මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න ඇයගේ පුත්‍රයා විසින් නිශ්චිතව සඳහන් කර නැහැ

මේ අතර නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් ඊයේ (08) දිවුරුම් දුන් අතර ඒ අනුව මැතිවරණ පැවැත්වීමේ වගකීම පැවරෙන බවයි වාර්තා වන්නේ

Share This