ඇසළ පෙරහර සමයේ විධිමත්ව කසළ බැහැර කරන ලෙස ඉල්ලීමක්

ඇසළ පෙරහර සමයේ විධිමත්ව කසළ බැහැර කරන ලෙස ඉල්ලීමක්

මහනුවර ඇසළ පෙරහර සමයේ වගකීමෙන් යුතුව විධිමත්ව කසළ බැහැර කරන ලෙස පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා.

මෙවර මහනුවර ඇසළ පෙරහර 2024 අගෝස්තු මස 10 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහර සමයේ දිනකට ටොන් තුනක පමණ ප්‍රමාණයක පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වන බව සඳහන්.

එම නිසා වසර ගණනාවක සිට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය,මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව සහ මහනුවර පොලීසිය යන ආයතනවල ප්‍රධානත්වයෙන් කසළ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ හේතුවෙන් කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන ලෙසද මධ්‍යම පරිසර අධිකාරිය සියලු බැතිමතුන්ට සිහිපත් කර තිබෙන බව සඳහන්.

Share This