“ශ්‍රී FM” අභිමානවත් 24 වන සංවත්සර සැමරුම අදයි (VIDEO)

“ශ්‍රී FM” අභිමානවත් 24 වන සංවත්සර සැමරුම අදයි (VIDEO)

ශ්‍රී ලාංකීය ගුවන් විදුලි වංශ කතාවට ශ්‍රී නාමයක් එක් කළ “ශ්‍රී FM” අද (11) සිය 24 වන සංවත්සරය සමරනු ලබනවා.

මෙරට ගුවන් විදුලි ක්ෂේ ත්රයේ ප්‍රමුඛයා බවට පත් වූ “ශ්‍රී FM” නාලිකාව 2000 වසරේ අගෝස්තු 11 වන දින ආරම්භ කළා.

වසර 24 ක් පුරාවට ගම් දනව් පුරා සිටින ආදරණීය ග්‍රාහකයන්ගේ සිනහවට හේතු දෙමින්, කඳුලක දී ළඟ රැදෙමින් විපතක දී අත දෙමින්, දිනුමකට දිරි දෙමින් ලාංකීය ජන හදේ ශ්‍රී නාමය පතුරවන්නට ශ්‍රී ගුවන් විදුලියට අවස්ථාව හිමිවුණා.

ඒ අනුව සිය 24 වන සංවත්සරයට සමගාමීව ශ්‍රාවක රසවින්දනය වෙනුවෙන් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් පසුවනවා.

ජනප්‍රිය ගී තරු පිරිවරා ගත් ‘ශ්‍රී අභිමානවත් 24 වන සාංවත්සරික ප්‍රසංගය’ ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

ඒ අනුව අද දවස පුරා FM 100/100.2 ශ්‍රී අහන්න..

 

 

Share This