ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී

ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී

සිවිල් වැසියන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් විසින් හෙළා දැක තිබෙනවා.

අවතැන්ව සිටි පලස්තීන් ජාතිකයින් නවාතැන් ගෙන සිටි ගාසා හි පිහිටි පාසල් ගොඩනැගිල්ලකට එම ප්‍රහාර එල්ල වී තිබූ අතර ඉන් 70 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

අදාළ ප්‍රහාරය තවත් බටහිර සහ කලාපීය බලවතුන්ගේ විවේචනයට ලක්ව ඇති අතර ඊජිප්තුව ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමයකට එළැඹීමට හෝ ගාසා යුද්ධය අවසන් කිරීමට ඊශ්‍රායලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

Share This