ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් අදාළ යානයේ නියමුවා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි නියමුවා පමණක් සිට ඇති අතර එය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවට එරට බලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරින් හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටරය කඩා වැටීමත් සමග ගින්නක් ද හටගෙන ඇති අතර ඒ හේතුවෙන් හෝටලයේ සිටි පිරිස ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This