
දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ
එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන සඳුදා (26) ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ