
බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධ විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන විශේෂ පර්යේෂණ වාර්තාවක් බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් එළිදක්වා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පර්යේෂණ වාර්තාව එළිදැක්වීම සිදුකර ඇති බව සඳහන්.
උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන අවස්ථාවන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව ද මෙම වාර්තාව තුළ විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන්.