
මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඊයේ (16) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 62ක් වාර්තා වී තිබෙනවා
එමෙන්ම ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ පැමිණිලි 519ක් වාර්තා වී ඇති අතර එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 503ක් වාර්තා වී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්