දිස්ත්‍රික්ක 6 කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්

දිස්ත්‍රික්ක 6 කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්

පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6 කට පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම හෙට (18) පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වනවා

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – ඇඟවීම (ඇම්බර්)
——————————-
ගාල්ල දිස්ත්‍රික්කයේ
ඇල්පිටිය, යක්කලමුල්ල, නෙළුව සහ නාගොඩ

කළුතර දිස්ත්‍රික්කයේ
බුලත්සිංහල, ඉංගිරිය, මතුගම සහ හොරණ

කෑගල්ල දිස්ත්‍රික්කයේ
දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ වරකාපොළ

මාතර දිස්ත්‍රික්කයේ
පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කයේ
කුරුවිට, නිවිතිගල, ඇලපාත, ඇහැලියගොඩ, කලවාන සහ රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – (කහ)
——————————-
කොළඹ දිස්ත්‍රික්කයේ
සීතාවක

කළුතර දිස්ත්‍රික්කයේ
අගලවත්ත, පාලින්දනුවර, දොඩංගොඩ සහ වලල්ලාවිට

කෑගල්ල දිස්ත්‍රික්කයේ
කෑගල්ල සහ යටියන්තොට

මාතර දිස්ත්‍රික්කයේ
අතුරලිය

රත්නපුර දිස්ත්‍රික්කයේ
පැල්මඩුල්ල සහ අයගම

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද එම සංවිධානය පැවසුවා

Share This