ජලාශවල ජල මට්ටම් ඉහළ යාමෙන් මාර්ග රැසක් යටවෙයි

ජලාශවල ජල මට්ටම් ඉහළ යාමෙන් මාර්ග රැසක් යටවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඒ ආශ්‍රිතව පවතින පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම්දෙන්නේ.

මේ අතර කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.

ඉන් තත්පරයට ඝන මීටර් 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙන අතර ඒ අනුව කුඩා ගඟා පිටාර ගැලීමෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද ජලයෙන් යටව පවතින බව සඳහන්.

Share This