සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය 22 වැනිදා

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය 22 වැනිදා

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළි දැක්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ

එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන බවත්, රට නවීන රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන ආකාරය හා රටේ ආර්ථික තත්ත්වය නගා ගොඩනගා ගනිමින් ඉදිරියට යන ආකාරය උපාය මාර්ගික වැඩසටහන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදැක්වීමටයි සැලසුම් කර ඇත්තේ

ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් රජයක් ගෙන යෑමට නම් දක්ෂ නායකයෙක් , කණ්ඩායමක් , ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සියලු සාධක තිබෙන්නේ සමගි ජනසන්ධානය සතුව බවත් ඔහු කියා සිටියා

Share This