රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා

රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ

එමෙන්ම රටට ඝීග්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කථා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවයි එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින්
ජනාධිපතිවරයා කියා සිටි

Share This