තේ සහ වී වගාකරුවන්ට රජයෙන් මූල්‍ය සහනාධාර

තේ සහ වී වගාකරුවන්ට රජයෙන් මූල්‍ය සහනාධාර

රජයේ පොහොර සමාගම් මඟින් කිලෝ ග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

ඒ අනුව, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි ඔහු පැවසුවේ .

එමෙන්ම, 2024/25 මහා කන්නයේ දී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනිකුත් ක්‍ෂේත්‍ර සඳහා ගොවින් වෙත පොහොර සහනාධාරයක් ලබා දීමට ද නියමිතයි

ඒ අනුව, 2024/25 මහා කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් සහ පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර වී වගාව සහ අනිකුත් වී වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාරයකට රුපියල් 15,000 බැඟින් මුල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා ලබා දීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

Share This