වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස

වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා

ඒ ඊයේ (23) වරකාපොල පැවැති ජන රැලියේදී එම පිරිස විපක්ෂ නායකවරයාට සහය පල කිරීමට එක්වුණා

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසනයේ සංවිධායක හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති කිර්ති ශ්‍රී විජේතුංග, රඹුක්කන ආසනයේ කපිල අබේනායක, යටියන්තොට ආසනයේ සංවිධායක යු ඩි වසන්න, ගලිගමුව ආසනයේ සංවිධායක එම් ඒ ජයවර්ධන, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත කුමාර, පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද කුමාරසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එහිදී එක්ව තිබෙනවා

Share This