එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරග කාලසටහන

එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරග කාලසටහන

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වන බව සඳහන්.

ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග වඳින අතර එම කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව මෙන්ම ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය තරග වැඳීමට නියමිතයි.

B කාණ්ඩයට වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත් වනවා.

තරගාවලිය ඔක්තෝබර් මස 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙක වනවා.

ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන සිටින අතර එහි ශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබූ නමුත් එරට පසුගිය කාලවකවානුව තුළ හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ.

 

 

 

Share This