ලෝකයේ විශාලතම ආහාර සටන

ලෝකයේ විශාලතම ආහාර සටන

ලොව විශාලතම ආහාර සටන ලෙස සැලකෙන වාර්ෂික La Tomatina උත්සවය ස්පාඤ්ඤයේදී දස දහස් ගණනක සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

දේශීය වශයෙන් ලබාගත්, ආහාරයට ගත නොහැකි තක්කාලි එකිනෙකා වෙත විසි කර ගනිමින් පැවැත්වෙන එම උත්සවය සඳහා මෙවර කිලෝ 120,000කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් පැයක පමණ කාලයක් එකිනෙකා වෙත තක්කාලි විසි කරගෙන ඇති අතර මෙය 1945 වසරේ සිට පැවත එන සාම්ප්‍රදායික උත්සවයක් වනවා.

මෙම උත්සවය මිතුරන් අතර විනෝදජනක ආහාර සටනක් ලෙස ආරම්භ වූවක් ලෙසයි සැලකෙන්නේ.

එතැන් සිට දැවැන්ත උත්සවයක් දක්වා වර්ධනය වූ La Tomatina උත්සවයේදී වීදි රතු තක්කාලිවලින් පිරී යන අතර එය පැවැත්වෙන ස්ථානය තක්කාලි යුෂ ගංගාවක් ලෙස පෙනී යනවා.

මෙම උත්සවය ආරම්භයේදී සංගීතය, නර්තනය සහ පෙළපාලි ද ඇතුලත් වන අතර තක්කාලි පිරවූ ට්‍රක් රථ වීදිවලට පැමිණීමෙන් පසුව තක්කාලි විසි කර ගනිමින් සටන ආරම්භ වනවා.

අනතුරුව නගරය තක්කාලි පල්ප්වලින් වැසී යන අතර පසුව ඒවා පිරිසිදු කිරීමටද කටයුතු කෙරෙන බව සඳහන්.

La Tomatina යනු තක්කාලි විසි කිරීම පමණක්ම නොවන්නක් වන අතර එය ජනතාවට විනෝදය සහ සිනහව ගෙන දෙන්නක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

Share This