පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟවෙයි

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟවෙයි

ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාම මාලාවකට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ලබන 01 වැනිදා ආරම්භ කෙරෙන එන්නත්කරණ කටයුතු අදියර තුනකින් සිදු කිරීමට නියමිත බවයි

ඒ අනුව වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ

Share This