උමං මාර්ගයක සිරවී කම්කරුවන් තිදෙනෙක් මිය යයි

උමං මාර්ගයක සිරවී කම්කරුවන් තිදෙනෙක් මිය යයි

කඩා වැටුණු දුම්රිය උමගක් තුළ සිරවී සිටි විදේශීය ශ්‍රමිකයින් තිදෙනෙකු මිය ගිය බව තායිලන්තයෙන් වාර්තා වනවා.

දින පහක් පුරා පැවති ගලවාගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක කරමින් මෙම මරණ සිදුවී ඇති බවයි තායි බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ චීනයේ සිට පැමිණි කම්කරුවන් දෙදෙනෙකු සහ මියන්මාරයේ සිට පැමිණි කම්කරුවෙක් බව සඳහන්.

බැංකොක් අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පාක් චොං දිස්ත්‍රික්කයේ ඉදිකරමින් සිටි උමඟේ කොටසක් කඩා වැටීමෙන් ඔවුන් මෙසේ සිරවී තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම මරණ වාතය නොමැතිකම නිසා සිදු වූවක් බවයි.

Share This