ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගන්න රට තුළ ජාතිවාදය ව්‍යාප්ත කරනවා -ඇමති ප්‍රසන්න-

ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගන්න රට තුළ ජාතිවාදය ව්‍යාප්ත කරනවා -ඇමති ප්‍රසන්න-

ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රට තුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට මෙන්ම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් මුදවා ගැනීමට නම් මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවිය යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ආගම්වාදය හා ජාතිවාදය ප්‍රතික්ෂේප කළ නායකයෙකු බව කී අමාත්‍යවරයා එබැවින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවන වේදිකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම දෙනා අත්වැල් බැඳගෙන සිටින බවද සඳහන් කළා.

ගම්පහ දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් මිනුවන්ගොඩ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Share This