ඊශ්‍රායලයේ දහස් ගණනක පිරිසක් වීථි පුරා විරෝධතාවයේ

ඊශ්‍රායලයේ දහස් ගණනක පිරිසක් වීථි පුරා විරෝධතාවයේ

ඊශ්‍රායලයේ දහස් ගණනක පිරිසක් වීථි බැස විරෝධතාවල නිරත වනවා.

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගිවිසුමක් ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා වන ගිවිසුමකට එළැඹීමට බලධාරීන් පියවර නොගන්නා බවට ඔවුන් චෝදනා කරනවා.

Share This