බදු හොරුන්ට හසු වෙන්න එපා

බදු හොරුන්ට හසු වෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු එක්රැස් කරන වංචනික පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා

ඒ අනුව බදු මුදල් එකතු කළ කණ්ඩායමේ දෙදෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටි බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින්, ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ

Share This