නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට

නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට

දෙදින සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිංගප්පූරුව වෙත පැමිණ තිබෙනවා.

බෲනායි සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව වෙත පැමිණ ඇති අතර ඉන්දු-සිංගප්පූරු මිත්‍රත්වය ඉහළ නැංවීම, උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීම සහ ආයෝජන අවස්ථාවන් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මෙම සංචාරය තුළදී අවධානය යොමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිංගප්පූරුව වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු සහ නීති අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.

ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා සහ නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව සිංගප්පූරුවේ තවත් ඉහළ පෙළේ නියෝජිතයින් සමගද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This