රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් මෙලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව එම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This