හෙට තෙවන ටෙස්ට් තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

හෙට තෙවන ටෙස්ට් තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

කෙසේවෙතත් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම්කර නොමැති අතර ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු කැඳවා ඇති බව සඳහන්.

එමෙන්ම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.

Share This