ජෝර්ජියාවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට

ජෝර්ජියාවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට

ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා

ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ 54 හැවිරිදි කොලින් ග්‍රේට මනුෂ්‍ය ඝාතන චෝදනා සහ ළමයින්ට කෲරකම් කිරීම යන චෝදනා 8ක් මීට පෙර එල්ල වී ඇති බවයි

එමෙන්ම බලධාරීන් ඔහුගේ පුත් කෝල්ට් ග්‍රේට මිනීමැරුම් චෝදනා හතරක් එල්ල කර ඇති අතර, වැඩිහිටියෙකු ලෙස සලකා ඔහුට නඩු පැවරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම අද උදෑසන කෝල්ට් ග්‍රේට අධිකරණයට පෙනී සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

කෙසේ වෙතත්,වෙඩි තැබීමෙන් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා

Share This