ට්‍රම්ප්ගේ දඬුවම ජනපතිවරණයෙන් පසුවට

ට්‍රම්ප්ගේ දඬුවම ජනපතිවරණයෙන් පසුවට

හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Manhattan hush money අපරාධ නඩු විභාගයේදී ඔහුට දඬුවම් නියම කිරීම එළඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීම සඳහා කල් දමා තිබෙනවා.

විනිසුරු ජුවාන් මර්චන් ඔහුට හිමිවන දඬුවම් ප්‍රමාද කළ හේතු අතර දැනට පවතින අද්විතීය කාල රාමුව උපුටා දක්වා ඇති බව සඳහන්.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප්ගේ නීතීඥයින් සැප්තැම්බර් 18 දිනට නියමිතව තිබූ දඬුවම් ප්‍රමාද කිරීම සඳහා විවිධ උපක්‍රම යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිව් යෝර්ක් ජූරි සභාව පසුගිය මැයි මාසයේදී ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ චෝදනා 34කට වරදකරු කළ අතර එය දැනට පත්වීසිටින හෝ හිටපු ජනාධිපතිවරයෙකු අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවයි.

Share This