පානදුර මුහුදේ අතුරුදන් වූ අයෙකු සොයා මෙහෙයුම්

පානදුර මුහුදේ අතුරුදන් වූ අයෙකු සොයා මෙහෙයුම්

පානදුර වෙරළ තීරයේදී දිය වැලකට හසුවූ පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (08) සවස් කාලයේදී මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පානදුර ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එක් අයෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන් වී ඇති අතර ඔහු 24 හැවිරිදි වියේ පසුවන පානදුර තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

ඔහු සෙවීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

Share This