වියට්නාමයේ පුද්ගලයින් 21 දෙනෙකු මරුට

වියට්නාමයේ පුද්ගලයින් 21 දෙනෙකු මරුට

වියට්නාමයට බලපා ඇති “යාගි” සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වසර තුළ ආසියාවට බලපානු ලැබූ දරුණු සුළි කුණාටුව මෙය වන අතර මේ හේතුවෙන් 229 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් සහ දරුණු නාය යෑම් තත්ත්වයන්ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව තවත් පුද්ගලයින් රැසක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“යාගි” සුළි කුණාටුව පැයට කිලෝමීටර 203ක පමණ වේගයකින් වියට්නාමය වෙත කඩා වැදී තිබුණා.

Share This