ගංවතුරත් සමග නයිජීරියාවේ සත්වෝද්‍යානයක සතුන් පැන යයි

ගංවතුරත් සමග නයිජීරියාවේ සත්වෝද්‍යානයක සතුන් පැන යයි

නයිජීරියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයත් සමග Sanda Kyarimi සත්වෝද්‍යානයේ සතුන් පලාගොස් තිබෙනවා.

එම සතුන් ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වීදිවල සැරිසරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැන ගිය සතුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන් කරන එරට බලධාරීන් එම සතුන් සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

පවතින ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇති අතර බොහෝ පිරිසක් දැනටමත් පවතින තත්ත්වය හේතුවෙන් නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.

Share This