ඉහළ යන මැතිවරණ පැමිණිලි
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3610 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 3506ක් වන බව සඳහන්.
ඊයේ (11) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 204ක් ලැබී තිබෙනවා.