පනත් තුනකට කථානායකගේ සහතිකය

පනත් තුනකට කථානායකගේ සහතිකය

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කර තිබෙනවා.

පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් සඳහා මෙලෙස කථානායකවරයා අත්සන් තබා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙය විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත, වෙනත් රටවල අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම, විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ ආඥාපනත සහ (94 වන අධිකාරය වූ) නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා මෙන්ම ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතක්.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත ලෙස හඳුන්වන බව සඳහන්.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වන අතර එය 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස හැඳින්වෙනු ඇති.

Share This