රුසියාව භාරයේ සිටි යුක්‍රේන හමුදා සෙබළුන් පිරිසකට නිදහස

රුසියාව භාරයේ සිටි යුක්‍රේන හමුදා සෙබළුන් පිරිසකට නිදහස

යුක්‍රේන යුද හමුදා සෙබළුන් 49 දෙනෙකු රුසියාවෙන් ආපසු එවා ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් එය සාමාන්‍ය පරිදි රුසියාව සමග සිදුවන සිරකරු හුවමාරුවක කොටසක්ද යන්න සම්බන්ධයෙන් ඔහු සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පවතින යුදමය වාතාවරණය ආරම්භයෙන් පසුව සිදුවූ දෙවන සිරකරු හුවමාරුව මෙය වනවා.

Share This