ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 729 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 729 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ ශ්‍රී ලාංකිකයන් 729 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පවත්වා තිබෙනවා.

ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා 1925 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යාමට නියමිත අතර මෙම දැනුවත්කිරීම සිදුකෙරුණේ ඉන් පළමු 729 දෙනා වෙතයි.

මේ වසරේ අප්‍රේල් මස සිට මේ දක්වා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 2083 දෙනෙකු ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් ඇති බව සඳහන්.

මෙම පිරිස සැප්තැම්බර් මස අගභාගයේදී ද ඉතිරි පිරිස ඔක්තෝබර් මස තුළදී විදේශ ගත විමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This