මැතිවරණ රාජකාරී කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවයක්

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවයක්

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹින් පිටතට ගමන් කිරීමට අපේක්ෂිත මැතිවරණ රාජකාරීවල නිරතවන නිලධාරීන් සඳහා මෙලෙස විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 1358ක් එක් කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

Share This