කැලිෆෝනියාවේ ගිනි නිවන භටයින් ගිය රථයක් අනතුරක

කැලිෆෝනියාවේ ගිනි නිවන භටයින් ගිය රථයක් අනතුරක

කැලිෆෝනියාවේ ගිනි නිවීමේ භටයින් පිරිසක් ගමන් ගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරින් ගිනි නිවීමේ භටයින් 8 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධිවේගී මාර්ගයකදී අදාළ අනතුර සිදුව ඇති අතර ගුවන් තොටුපලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමෙන් අනතුරුව ආපසු ගමන් කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This