අඩු වූ උද්ධමනය

අඩු වූ උද්ධමනය

2024 අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ජූලි මාසයේදී උද්ධමනය වාර්තා වී තිබුණේ 2.5% ක් ලෙසයි.

2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී තිබෙනවා.

එමෙන්ම, 2024 ජුලි මාසයේදී 2.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This