මන්කිෆොක්ස් නව ප්‍රභේදයේ ආසාදිතයෙක් ඉන්දියාවෙන්

මන්කිෆොක්ස් නව ප්‍රභේදයේ ආසාදිතයෙක් ඉන්දියාවෙන්

මන්කිෆොක්ස් නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

අදාළ ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන එම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙන අතර එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ, සමෙහි ඇතිවන ගැටිති සහ වේදනාකාරී තුවාල හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය ආසාදනය වන සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන්.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිර යන ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This