කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇති බව සඳහන්.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර දිනයට සාපේක්ෂව 4.59%ක කැපී පෙනෙන වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ.

දෛනික පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් ලෙසයි.

Share This