ලොකු ඵෑණු අස්වැන්න නෙලීම ඇරඹෙයි

ලොකු ඵෑණු අස්වැන්න නෙලීම ඇරඹෙයි

2024 යල කන්නයේ ලොකු ළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්‍රමාණයක ලොකු ළුෑණු වගාව සිදු කර ඇති අතර මේ දිනවල සාධාරණ මිලකට ගොවීන්ගෙන් ලොකු ළූණු මිලට ගැනීම සිදු වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බව ලොකු ළූණු බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පවසනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ළූණු ප්‍රවර්ධන වැඩසටහන යටතේ සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Share This