දිවි ගමනට සමුදුන් Professor McGonagall

දිවි ගමනට සමුදුන් Professor McGonagall

හැරී පොටර් චිත්‍රපට සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියට පත් සුප්‍රසිද්ධ නිලි Dame Maggie Smith අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර මිය යන විට ඇය 86 වන වියේ පසුවී ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ තිරයේ පුරාවෘත්තයක් වූ ඇය සිය වෘත්තීය ජීවිතය තුළ 1970 දී The Prime of Miss Jean Brodie සහ 1979 දී California Suite සඳහා ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන තිබෙනවා.

ලෝක වාසි බොහෝ දෙනාගේ රසික හදවත් අතර ඇය වඩාත් සුප්‍රසිද්ධ වූයේ හැරී පොටර් චිත්‍රපටයේ Professor Minerva McGonagall යන චරිතය තුළින් බව සඳහන්.

Share This