සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකාව

සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකාව

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියා.

පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක ඉලක්කයක් හඹායෑඹට පිටියට පිවිසි නවසීලන්ත දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නිෂාන් පීරිස් සමත් වුණා.

තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා වූයේ ප්‍රභාත් ජයසූරියයි.

Share This