ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (30) කැඳවා තිබෙනවා.

අද පස්වරුවේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්.

ඒ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගියදා රජය තීරණය කර තිබුණා.

Share This