පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද ගැන සලකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද ගැන සලකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස යනාදී හිමිකම් දීමනා ලබාදීමේදී මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාවය මත ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර මෙම හිමිකම් දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සිතා සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවරගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවකින්, මාස 02ක් තුළ ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එම කමිටුව ත්‍රිපුද්ගල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක, සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සී. ටී. බුළුමුල්ල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.

Share This