ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල වෙනසක් නැහැ

මෙම මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයක වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන්ම වලංගු වන බව සඳහන්.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 694ක් ලෙසයි.

Share This