දරුවන්ගේ ලෝකය නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා අගමැතිනිය

දරුවන්ගේ ලෝකය නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා අගමැතිනිය

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන අතර දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ‘‘මග හැරුණු පාඩම’’ නමින් අද (01) කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළා.

Share This