දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අවසන් ගමන් ගිය තරුණයා

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අවසන් ගමන් ගිය තරුණයා

මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ නාලන්ද වත්ත, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය තරුණයාට පිරිසක් විසින් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු ඝාතනය සඳහා යොදාගත් යකඩ ඉන්නක්, ආරක්ෂක හිස් වැසුමක් සහ තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This